Local

කොළඹ චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

Monday, 24 March 2025 - 2:55 pm

කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

'චිකුන්ගුන්යා' වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේද වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

එබැවින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් 'චිකුන්ගුන්යා' රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන බවත් ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT