Local

වර්ජන නිසා සරසවි වැඩ හිරවෙලා: දරුවන්ගේ නාමයෙන් වැඩට එන්න

Wednesday, 15 May 2024 - 8:28 am

වැඩ වර්ජන හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දෑවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බැවින් අධ්‍යාපනයේ නාමයෙන් දරුවන් ගැන සිතා රැකියාවට පැමිණෙන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සියලු අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනධ්‍යයන සේවක ගැටලුවලට රජය සමඟ සාකච්ඡාමය වශයෙන් විසඳුම් ලබා ගනිමුයැයි පැවසීය.

2022 වසරේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉතා අසීරුවෙන් පරිගණක ආශ්‍රයෙන් අධ්‍යාපනය ලද දරුවන් උසස් පෙළ විභාගයට 2023 වසරේදී මුහුණ දී මේ වන විට විශ්වවිද්‍යාලවල පළමු වසරේ අධ්‍යාපනය හදාරන බවත් හෙතෙම කීවේය.එමෙන්ම ඒ දරුවන්ගේ පළමු වසරට අදාළ විභාග ප්‍රතිඵල ලැබීමට ද වැඩ වර්ජන හේතුවෙන් මාස අටක කාලයක් ගත වූ බවද කීවේය.

2024 උසස් පෙළ ලියූ දරුවන්ගේ ප්‍රතිඵල මැයි මාසයේදී දුන් පසු ඔවුන් මේ අවුරුද්ද ඇතුළත විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දැනට විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිටින ළමයි මේ වැඩ වර්ජනය හේතුවෙන් දෙවැනි වසරට යෑම පමා වුවහොත් 2024 කණ්ඩායම බඳවා ගැනීමේ ගැටලු මතු වන බවත් සභාපතිවරයා කීවේය.

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ශිෂ්‍ය අත්පොත සකස් කිරීමේ කටයුතු ඇනහිටීමෙන් දරුවන් විශ්විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රමාද වන බව ද කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වර්ජනය හේතුවෙන් එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමාදවීම සහ අධ්‍යයන කටයුතු ඇන හිටියොත් එම කණ්ඩායම් දෙකම පළමු වසරේම රැදී සිටීමේ අවදානමක් ද ඇති වන බවද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අමරතුංග මෙසේද කීවේය.

“මේ වෙද්දී විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒත් එක්කම 2022 වසරේ පවත්වන්න තිබුණු උසස් පෙළ විභාගය පැවැත්වුණේ 2023 වසරේදීයි. 2023 පෙබරවාරි මාසයේ අවසාන කරපු දරුවන්ගේ මාස තුනකින් ලැබෙන්න ඕනෑ ප්‍රතිඵල ආවේ මාස අටකටත් වඩා වැඩි කාලසීමාවක් ගිහින්. එසේ උසස් පෙළ දරුවන්ගේ ප්‍රතිඵල ප්‍රමාදවීමටත් හේතුව වුණේ විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ වර්ජනයක් හේතුවෙනුයි. එසේ ප්‍රතිඵල ප්‍රමාද වුණු මේ දරුවන් කණ්ඩායම කොවිඩ් වසංගතය නිසා පාසලකට අධ්‍යාපනයට නොගිය දරුවො කණ්ඩායමක්.කොවිඩ් වසංගතය නිසා අමතර පන්තියකටවත් ඔවුන් නිවසින් බැහැරව සහභාගි වුණේ නැහැ.ඒ කියන්නේ අපේ රටේ මේ කණ්ඩායම හරිම සුවිශේෂීයි.ඒකට හේතුව තමයි ඔවුන්ගේ උසස් පෙළ සම්පූර්ණ කාල සීමාව කාමරයක,සම්පූර්ණයෙන්ම පරිගණකයකින් අධ්‍යාපනය හදෑරීමයි.ඒ අතරතුර යම්කිසි දරුවන් ප්‍රමාණයකට පරිගණකයක්වත් තිබුණේ නැති නිසා ජංගම දුරකතනයෙන් ඒ කටයුතුවලට සහභාගී වුණා.අපට දැන් එන පැමිණිලිත් එක්ක බැලුවාම ඒ දරුවන් අනෙක් දරුවන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.ඔවුන්ට සමාජයේ විශාල සැලකීමක්, සාධාරණත්වයක් ඔවුන්ට ඉටු වෙන්න ඕනෑ කියන එක මම තරයේ විශ්වාස කරනවා.

මේ දරුවන් ජනවාරි මාසයේ ඉදලා අපි විශ්වවිද්‍යාලවලට ඇතුළු කරනවා. ඒත් එක්කම ඇති වෙන පුරප්පාඩු සඳහාත් අලුතින් දරුවන් ඒ සඳහා යොමු කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පුරප්පාඩු වට දෙකක් අවසන් කර තිබෙනවා. තව තෝරා ගැනීම් මේ අතරතුර සිදු කිරීමටත් තිබෙනවා. ඒ කියන්නේ තව පුරප්පාඩු විශ්වවිද්‍යාල පද්ධතියේ එම වර්ෂය සඳහා පවතිනවා. ඒ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන අවස්ථාවේදී තමයි මේ වැඩ වර්ජනය දවස් කීහිපයකට කලින් ක්‍රියාත්මක වුණේ. ඒත් එක්කම අපි දන්නවා 2023 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ 2024 වසරේ. ඒ දරුවන්ගෙ ප්‍රතිඵල මැයි මාසේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට ඒ දරුවන්ගේ ප්‍රතිඵල මැයි මාසෙ ලැබුණාම මේ අවුරුද්දෙ ඇතුළත ඔවුන්ගේ කඩයිම් ලකුණු දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දරුවොත් පළවෙනි අවුරුද්දෙ මේ කරුණු කාරණාවලින් දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න දරුවොත් අධ්‍යාපනය හදාරන්න බැරි වුණොත් ඔවුනුත් පළමුවැනි අවුරුද්දේ ඉතුරු වෙනවා. එහෙම වුණොත් මේ රටේ උසස් අධ්‍යාපනයේ බරපතළ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මම මුලින්ම ඉල්ලා සිටිනවා වැඩ වර්ජනයට සහභාගී වුණ මේ සෑම සේවකටම කරුණාකරලා මේ අධ්‍යාපනයේ නාමයෙන් රැකියාවට වාර්තා කර අවශ්‍ය කටයුතු රජය සමඟ සාකච්ඡා කර කටයුතු කරගෙන යමු කියලා.

ඒ වගේම මේ වෙනවිට වැටුප් ගැටලු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා කැබිනට් අනු කමිටුවලට යොමු කර තිබෙනවා. ඒවා තුළ මේ වෙනවිටත් සාකච්ඡා පවත්වමින් සිටිනවා. ගිය සතියෙත් කැබිනට් අනු කමිටුව සාකච්ඡාවට භාජනය කළා. ඒ අවස්ථාවට මටත් සහභාගී වන ලෙස දැනුම් දී කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් දීර්ඝ සාකච්ඡාවල නියුතු වෙලා තිබෙන්නේ. ඒ නිසයි මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ ඉල්ලීම කළේ. අනෙක් කාරණය තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ තැලසීමියා දරුවන් 30000කගේ සාම්පල් පරීක්ෂණවලට යොමු කරන්න බැරිව තිබෙනවා කියා මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා.ඒ සියලුම පර්යේෂණ කටයුතු අවසාන කර සෞඛ්‍ය අමාත්‍යාංශයට රුහුණු විශ්වවිද්‍යාලය භාරදීලා තිබෙනවා.විශාල වශයෙන් මාධ්‍ය හරහා වැරදි කරුණු කාරණා සමාජගත වෙනවායිද පැවසීය.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත ද මේ අවස්ථාවට සහභාගි විය.


Top Stories
wedivistara

එළඹෙන ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනවා – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක

wedivistara

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ

wedivistara

පොලිසිය ජනාධිපති මැතිවරණ රාජකාරි අරඹයි

wedivistara

විදේශගත ශ්‍රමිකයන් නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙනවා

wedivistara

ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි

wedivistara

ජනාධිපතිවරණයේදී මෛත්‍රීගේ සහය විජේදාස රාජපක්ෂට

Trending
wedivistara

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

wedivistara

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 - ගැසට් නිවේදනය නිකුත් කෙරේ

wedivistara

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

wedivistara

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා - බන්දුල

wedivistara

“උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවේ – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ

wedivistara

කෘත්‍රි​ම බුද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්


NEWS ALERT