International

ජයගත් මොදීට පීඩනය එල්ලවේ - හවුල් පක්ෂ 2ක් ඇමැති ධුර 8 ක් ඉල්ලයි

Friday, 07 June 2024 - 10:54 am

ඉන්දීය මහමැතිවරණයේදී අන්ද්‍රා ප්‍රාන්තයෙන් ආසන 16ක් ජයගත් තෙළිඟු දේසම් පක්ෂයට නව රජයේ අමාත්‍ය ධුර 5ක් අවශ්‍ය බව එම පක්ෂයේ නායක චන්ද්‍රබාබු නායිදු භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නායක නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ආසන 12ක් ජයගත් ජනතා දාල් (එක්සත්) පක්ෂයට අමාත්‍ය ධුර 3ක් අපේක්ෂාවෙන් පසුවන බව ද එරට මාධ්‍ය සඳහන් කළේය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස ඉන්දියාවේ නව රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂය සහ හවුල් පක්ෂ එකමුතුව තීරණය කර ඇති අතර, එම සන්ධානයේ නායකයා සහ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි නම් කිරීමට ද ඒකමතිකව තීන්දු කර ඇත. භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නව රජය පිහිටුවීම සහ අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි පත්වීම හෙට (8) සිදු කිරීමට නියමිතව තිබුණද, නව රජයේ අමාත්‍ය ධුර සහ සෙසු වරප්‍රසාද සම්බන්ධව එම සන්ධානයේ නායකයන් අතර ඊයේ දිනයේදීත් සාකච්ඡා පැවැති බව එරට මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාවේ රජුන් තනන්නෝ ලෙස ප්‍රකට තෙළිඟු දේසම් පක්ෂයේ සහ ජනතා දාල් පක්ෂයේ නායකයන්ගේ ඉල්ලීමට භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ එකඟතාව ඊයේ වන තුරු පළ වී නොතිබූ බව ද වාර්තා වේ.

මෙවර ඉන්දීය මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස ආසන 300 සීමාව පසු කිරීමටත්, පාර්ලිමේන්තුවේ බහුතරය අත්කර ගැනීමටත් භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වූවද, ආසන 240ක් පමණක් ලැබීමෙන් රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272 සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඒ අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු පක්ෂ සමඟ එක්ව පාර්ලිමේන්තු ආසන 293ක් සම්පූර්ණ කරමින් නව රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT