‘ඔබ මගේ රජතුමා නොවේ’ යැයි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සිටින ස්වාධීන සෙනෙට් මන්ත්‍රීවරියක් මෙම දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින බි්‍රතාන්‍යයේ චාල්ස් රජු පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ කෑ ගසමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සිය ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවැනි දිනයේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ගිය චාල්ස් රජු එහිදී පැවැත්වූ දේශනයෙන් අනතුරුව ඔහු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
චාල්ස් රජු සිය දේශනය අවසන් කරනවාත් සමගම ස්වාධීන සෙනෙට් මන්ත්‍රීවරියක වන ඔස්ටේ්‍රලියාවේ ස්වදේශික ඇබොරීජින් ප්‍රජාවට අයත් ලීඩියා තෝප් මෙසේ ‘ඔබ මගේ රජතුමා නොවේ’ යැයි චාල්ස් රජුට පවසා ඇති අතර ඒ මොහොතේම ආරක්ෂක අංශ විසින් ඇයව පාර්ලිමේන්තුවෙන් පිටතට ගෙන ගොස් තිබේ.