පාකිස්තානයේ සිටින උයිගර් සරණාගතයන් 100 දෙනකුව මේ මස මැද භාගයේ රමලාන් උපවාස සමය නිමාවීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන නව රජයේ තීරණයකට අනුව මේ පිටුවහල් කිරීම සිදු වනු ඇතැයි ‘රේඩියෝ ෆ්‍රී ඒසියා‘ පුවත් සේවය වාර්තා කළේය. එම සරණාගතයන්ගෙන් පවුල් 18ක් වසර ගණනාවක් පුරා පාකිස්තානයේ පදිංචිව සිටින අතර, ඔවුන් ද පිටුවහල් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්තානයට හෝ චීනයට පිටුවහල් කිරීමෙන් විවිධ වධහිංසාවලට ලක්වනු ඇතැයි උයිගර් සරණාගතයන් බියට පත්ව සිටින බවත් රේඩියෝ ෆ්‍රී ඒසියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරගත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලයේ පාකිස්තානය තුළ බෝම්බ ප්‍රහාර රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබීමෙන් පසු පාකිස්තානයේ සිටි මිලියන 1.7ක ඇෆ්ගන් සරණාගතයන් පිරිසක් රටින් පිටුවහල් කිරිමට පසුගිය ඔක්තෝබරයේ සිට එරට රජය පියවර ගෙන තිබිණි.