අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනිකඳු පිපිරීමක් වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් ගිනි කන්ද අවට ප්‍රදේශයේ සිටින පිරිස් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ ගිනි කඳු පිපිරීම මෙම වසරේදී එම අර්ධද්වීපයේ සිදුවූ හත්වන ගිනිකඳු පිපිරීම වන බව සඳහන්.
මේ හේතුවෙන් ගුවන් තොටුපළ කටයුතු ද සීමා කර තිබෙනවා.