International

ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන එළියට

Saturday, 24 August 2024 - 7:39 pm

කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ.

මියගිය වෛද්‍යවරියගේ දේහය අසල තිබී හමුවූ බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකරුගේ ගෙල වටා රඳවා ඇති ආකාරයද එම CCTV දර්ශන වල සටහන්ව ඇත.

සැකකාර සන්ජෝයි රෝයි අලුයම 1.03 ට සිරුර හමුවූ විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වන අයුරු සහ වෛද්‍යවරියගේ දේහය අසල තිබී සොයාගත් බ්ලූටූත් ඉයර්ෆෝනය CCTV කැමරා දර්ශනවල ද සටහන්ව තිබීම යන සාක්ෂි මත ඔහුව අත්අඩංගුවට ගත් බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය ඔහුට CCTV කැමරා සාක්ෂි පෙන්වා ඇති අතර පසුව ඔහු අපරාධය පිළිගත් බවත් වාර්තා වේ.

සන්ජෝයි රෝයි මෙම අපරාධය සිදුකිරීමට පෙර ඝාතනයට ලක්වූ වෛද්‍යවරිය සහ තවත් කනිෂ්ඨ වෛද්‍යවරුන් හතර දෙනෙකු දෙස බලා සිටින ආකාරය රෝහලේ ළය වාට්ටුවේ CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සැකකරු පුහුණුව ලත් බොක්සිං ක්‍රීඩකයෙකු වන අතර ඔහු වසර ගණනාවක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

එම සම්බන්ධතා මත ඔහු කොල්කටා පොලිස් සුභසාධක මණ්ඩලයට ගොස් මෙම වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ පොලිස් මුරපොලේ සේවය කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT