ළමුන් 12 දෙනකු මරණයට පත් කරමින් ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින ගෝලාන් හයිට්ස් ප්‍රදේශයට එල්ල වූ රොකට් ප්‍රහාරය සම්බන්ධයෙන් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයට නිසි පිළිතුරු ලැබෙනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ. ඊශ්‍රායලයේ මෙම ප්‍රකාශයත් සමගම මැදපෙරදිග යුද උණුසුම වර්ධනය වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර ඉකුත් ඔක්තෝබර් මාසයේ හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල කලාපයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය සේ සැළකෙන ගෝලාන් හයිට්ස් ප්‍රහාරය පසුපස තමන් සිටින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිස්බුල්ලා සංවිධානය පවසා තිබේ.