Sports

ලෝඩ්ස් පිටියේදී වසර 33කට පසු ශ්‍රී ලංකාවට පරාජයක්

Sunday, 01 September 2024 - 10:32 pm

සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය.

ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 483ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 86.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 292ක් පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න (55), දිනේෂ් චන්දිමාල් (58) හා නායක ධනංජය ද සිල්වා (50) හා මිලාන් රත්නායක (43) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වුවද, පරාජය වළක්වා ගත නොහැකි විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගල් ඇට්කින්සන් ලකුණු 62කට කඩුලු 05ක් දවාගත්තේය.

සිවු දිනකින් අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 196ක් පමණි.

ඒ අනුව ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කර ශ්‍රී ලංකාවට ලකුණු 483ක් ඉලක්කක් ලබා දුන්නේය.

මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසයි.

අද අවසන් වූ තරගයද ඇතුළුව දෙරට අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග 09ක් පැවැත්වී ඇති අතර, ඉන් අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ 1991 වසරේදීය.

ඉන් අනතුරුව 2002 වසරේ සිට මීට පෙර පැවති තරග පහම ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියේය.

තරගයේ වීරයා ලෙසින් තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ගල් ඇට්කින්සන් සම්මාන දිනාගත්තේය.

ඔහු ශතකයක් (118) සමගින් පන්දු යැවීමෙන් කඩුලු 07ක් බිඳදැමීමට සමත් විය.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT