Sports

නවසීලන්තය හමුවේ ඉන්දියාවට ඉතිහාසගත පරාජයක්

Saturday, 26 October 2024 - 6:28 pm

ඉන්දීය කණ්ඩායම ලකුණු 113කින් පරාජය කර ඉතිහාසයේ පළමුවරට ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (26) සමත් විය.

තරග 3කින් යුත් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් මෙය පූනේහිදී පැවැත්විණි.

මෙම තරගය තෙදිනක් තුළ අවසන්වීමද විශේෂත්වයකි.

තරගයේ පළමු ඉනිම සඳහා නවසීලන්තය ලකුණු 259ක් ලබාගත් අතර, ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

ලකුණු 103ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තය ලකුණු 255ක් ලබාගැනීමත් සමග තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 359ක ඉලක්කයක් හිමිවිය.

කෙසේවෙතත් එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 245ක් පමණි.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ මිචෙල් සැන්ට්නර් ඉනිම දෙකේ දී කඩුලු 13ක් බිඳහෙළීමට සමත්විය.

ඉන්දියාව අද ලැබූ පරාජය ඔවුන්  2012 වසරෙන් තම රටේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්තාව ලෙසින්ද වාර්තා අතරට එක්විය.

එමෙන්ම මෙය 1990 වසරෙන් පසු සංචාරක කණ්ඩායමක් හමුවේ ඉන්දියාව සිය රටේදී පරාජය වූ 4වැනි ටෙස්ට් තරගාවලිය විය.

නවසීලන්ත කණ්ඩායම 1955 වසරේ සිට ඉන්දීය කණ්ඩායම සමගින් ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන අතර, ඉන් අද අවසන් වූයේ දෙරට අතර 38වැනි තරගයයි.

කෙසේ නමුත් ඉන් තරග 17ක්ම ඉන්දියාව හමුවේ නවසීලන්තය පරාජය වී ඇත.

ඉතිහාසයටම ඔවුන් ඉන්දියාවේදී ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.

මීට පෙර ඔවුන් ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තාකර තිබුණේ 1988 හා 1969 වර්ෂයන්හිය.

මේ අතර මෙම වර්ෂයේදී ඉන්දියාව සිය රටේදී පරාජය වූ 3වැනි ටෙස්ට් තරගය මෙයයි.

ඒ අනුව වසර 41කට පසුව එනම් 1983 වසරෙන් පසු පළමුවරට ටෙස්ට් තරග 2කට වැඩි සංඛ්‍යාවක් වසරක් තුළ සිය රටේදී පරාජයවීමට ඉන්දියාවට සිදුවිය.

ඉන්දියාව ලැබූ මෙම තරගාවලි පරාජයත් සමග සිය මවු රටේදී ද්විපාර්ශ්වීය තරගාවලි 18ක් අඛණ්ඩව ජයග්‍රහණය කිරමින් තිබූ වාර්තාවද අවසන් විය.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT