Local

තලතාගෙන් නිවේදනයක්

Saturday, 31 August 2024 - 8:26 am

ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟා ගතයුතු නැති බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය තමන්ට අවබෝධ වූ සැණින් තමා එය හෙළිදරව් කිරීමට කටයුතු කළ බව ඇය සඳහන් කරයි.මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති තමා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොව ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම බව යැයි ද පවසයි.තමන්ට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් නැති නමුත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී තමන්ට අවබෝධ වූ සත්‍යය ඉතා භයානක බව ද අතුකෝරල මහත්මිය සිය නිවේදනය මගින් සදහන් කරයි.ඒ බව වහා තමන් ජනතාවට කිවයුතු බවත් මෙහිදී තමන්ගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීම බවත් ඇය කියා සිටියි.ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර ඇත.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT