Entertainment

ජනාධිපතිවරණය කතිරය නෙවෙයි, මනාපය ගහමු

Tuesday, 06 August 2024 - 12:16 pm

ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරණයකදී දෙවන – තෙවන මනාප ගණන් කරන්නට මෙවර ඡන්දයේ දී සිදු වනු ඇත.

ජනාධිපතිවරණ ඉතිහාසය පුරාම පළමු හා දෙවන ස්ථානයට පත්වන අපේක්ෂකයන් දෙදෙනා වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇත. ඒ නිසාම ජයග්‍රාහකයා ට වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් එක් ඡන්දයක් ලබා ජයග්‍රහණය කිරීමට හැකිවිය. ඉතිහාසයේ පළමු වතාවට මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ හතරකින් (4) කින්, අවම වශයෙන් 10% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ශක්‍යතාව සහිත අපේක්ෂකයන් ඉදිරිපත් වනු ඇත. තව ද, ඡන්ද 50,000 ක සීමාවට ලබා විය පිරිසක් ද, තවත් අපේක්ෂකයන් රැසක් ද, තරගයට ඉදිරිපත් වනු ඇත.

එහි අනිවාර්ය ප්‍රතිඑලය වන්නේ කිසිදු අපේක්ෂකයෙකුට වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක ඡන්ද ප්‍රමාණය ඉක්මවා යෑමට නොහැකිවීම ය.

සරළව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, විජේදාස රාජපක්ෂ, සිංහල ජාතිකවාදී කඳවුර (විමල්/ගම්මන්පිල/දිලිත්), උතුරේ දෙමළ අපේක්ෂකයෙකු, පොහොට්ටුවේ අපේක්ෂකයෙකු, අතර තරගයක දී කිසිවෙකුට 50% ක් ලබා ගැනීමට හැකියාව නොලැබෙන්නේය.

එවන් ජනාධිපතිවරණයක ජයග්‍රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීමට සිදුවේ. මෙය, ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය’ ලෙස අප හඳුන්වමු. මෙය නැවත ඡන්ද විමසීමක් (Re Poll) නොව, ඡන්ද පත්‍රිකාවේ ඡන්දදායකයන් විසින් සලකුණු කළ දෙවන හා තෙවන මනාප පමණක් ගණන් කිරීමකි.

වඩාත් නිවැරදිව කියන්නේ නම්, පළමු වටයේ දී තෙවන ස්ථානය සහ එයින් පහත ස්ථානයන්ට පත්වන අපේක්ෂකයන්ට පළමු මනාපය සලකුණු කර ඇති ඡන්ද අතරින් පළමු හා දෙවන අපේක්ෂකයන් දෙදෙනාට දෙවන මනාපය සලකුණු කර ඇති ඡන්ද පවතින්නේ නම්, ඒවා ඔවුන්ට ලැබෙන ඡන්දයක් සේ සලකා කටයුතු කිරීම ය.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කලකට පෙර තැබූ සටහනක්, ඔහුගේ එකඟතාව මත මෙසේ උපුටා දක්වමි.

කිසිදු අපේක්ෂකයකු (ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්) 50%ක් හා එකක් ලබා නැත්නම් දෙවන වටයට යායුතුය. මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

ජනාධිපතිවරණය කතිරය නෙවෙයි, මනාපය ගහමු

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයන්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.
A, B,C,D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස් දෙනකු තරග කරන්නේ යැයි ද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව100ක් වන බව ද, උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා

ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු. A = 40″ B = 35″ C= 15″ D= 6″ E= 4 මේ අනුව තරගය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරගයෙන් ඉවත් කෙරේ.

දැන් ‘දෙවන වටයේ දී’ තරගය පවතින්නේ A සහ B අතර ය. (තෙවන ස්ථානයට පත්වන අයෙකුට සලකුණු කර ඇති අනෙකුත් මනාප ගණන් කිරීමක් සිදු වන්නේ නැත.)

පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් ක්‍ ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. ක්‍ සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.) ක්‍ සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද, යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද, පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරගයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී3, D සඳහා දී ඇත්නම් එය ද, ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2, 3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

පළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයන් දෙදෙනාට, දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලබන්නේය.

එසේ බෙදීමෙන්,අ A සඳහා අමතර ඡන්ද 03 ක් ද, B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කරමු. එවිට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43ක් ද, (A = 40+3 = 43)ද, B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45ක් ද වනු ඇත. දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88කි. මෙහි දී එයින් අඩකට වඩා එනම් 45ක් ලබා ගන්නා ලද ඊ හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

■මෙහිදී A ට අමතර ඡන්ද 8 ක් ද B ට අමතර ඡන්ද 5 ක් ද ලදහොත් A = 48ද B = 40ද වී A ජයග්‍රහණය කරනු ඇත.

■ A ට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.

■ A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත. (මහින්ද දේශප්‍රිය)

ඉහතින් දැක්වූ ගණන ක්‍රමවේදය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නම් ඉහත ඉංග්‍රීසි අකුරු වෙනුවට රනිල්, අනුර, සජිත්, විජේදාස, ධම්මික වැනි නම් යොදා ඉහත සූත්‍රය නැවත කියවන්න. එය මෙම ගණනය කිරීමේ ක්‍රමය නිවැරදිව ග්‍රහණය කර ගැනීම ද, ඇති විය හැකි අවස්ථාවන් අවබෝධ කර ගැනීම ද අවස්ථාව ලැබේ.

සරළවම, දෙවන වටයේ ය, පළමු හා දෙවන ස්ථාන ලබන දෙදෙනා අතර තරගයකි. එයට ඡන්දදායකයන් සලකුණු කර ඇති අනෙකුත් අපේක්ෂකයන් ගේ මනාප (දෙවැනි, තුන්වන කැමැත්ත) අලුත් ඡන්දයක් ලෙස ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට එකතු කිරීම සිදු වේ. දෙවන වටයේ දී වලංගු ඡන්ද සංඛ්‍යාව බවට පත්වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සහ දෙවන වටයට එකතු වන මනාප ඡන්ද සංඛ්‍යාවය.

එක් ඡන්දදායකයෙකුට එක් කතිරයක් නොව, මනාප දෙකක් හෝ තුනක් සලකුණු කිරීමට අවස්ථාව ලැබේ. එක ඡන්දයක් නොව, මනාප දෙකක් හෝ තුනක් මනාප ක්‍රමය යටතේ සලකුණු කළ හැකිය. කතිරය ගසන්නාට එක් ඡන්දයකි. මනාපය ගසන්නාට ඡන්ද දෙකක් හෝ තුනකි. ජනාධිපතිවරණයේ දී කතිරය වෙනුවට මනාප සලකුණු කරන්න.

රජිත් කීර්ති තෙන්නකෝන්


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT