Local

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

Monday, 02 June 2025 - 8:42 pm

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී, කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් දෙදෙනෙකු වන චන්දිම ගමගේ සහ අයි.එම්.පී.කේ. ඉලංගසිංහ යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ජුනි 16 වන දින දක්වා මෙම අතුරු තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගය විසින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනාගත් බවත්, ඉන් ආසන තුනක් සමානුපාතික නියෝජනය යටතේ ලබාගෙන තිබෙන බවත් තේරීම් භාර නිලධාරියා විසින් පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇති අතර, සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් එම ආසන තුන සඳහා අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු බවට තේරීම් භාර නිලධාරියා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් ආසන තුන සඳහා කාන්තා සාමාජිකාවන් පත් කරන ලෙස තේරීම් භාර නිලධාරියා විසින් ගනු ලැබූ තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධාන වලට පටහැනි බවත්, එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.


Top Stories
wedivistara

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT