ශ්රී ලංකන් ගුවන් සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් විකුණා දැමීමට පසුගිය රජය කර තිබූ සැලසුම අතහැර දැමීමට වර්තමාන රජය තීරණය කර තිබේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරන ඒකකය මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයද විකුණා දැමීමට සැලසුම් කර තිබිණ.
කෙසේ වෙතත් නව රජය පත් වූ පසු එම තීරණය අතහැර දැමීමට තීරණය කර තිබේ.
මෙරට සංචාරක ක්ෂේත්‍රය ප‍්‍රවර්ධනයට ගුවන් සේවයට විශේෂ කාර්යායක් කළ හැකි නිසා එම ගුවන් සේවය රජය යටතේ පැවති යුතු බවට ජාතික ජන බලවේග රජය අදහස් කරයි.
එම පක්ෂයේ ආර්ථික කවුන්සලේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ ගුවන් සේවය විකුණා දමනු වෙනුවට කළමනාකාරීත්වය තවත් කාර්යක්ෂම කළ හැකි ආකාරයක් සොයා බැලීමට කටයුතු කරන බවයි.