ඉදිරි අයවැය ඉදිරිපත් කළ හැක්කේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කළ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
හිටපු ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් මුදා ගත්තේ වැදගත් පනත් 92 ක් සම්මත කර බවත්, එම නීතිවලට අනුව අයවැය ඉදිරිපත් කිරීමට සිදුවන බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම නීතියෙන් පිට අයවැයක් ඉදිරිපත් කළහොත්, ජනතාවට කඩා වැටුණු රටක ජීවත්වීමට සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.