International

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා දැනුම්දීමක්

Sunday, 15 June 2025 - 6:06 pm

මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ.

නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසයි  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටිනනේ.

මෙරටට පැමිණ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් අද දිනය තුළ අදාළ විස්තර 071 – 844 73 05, 071 – 683 35 13 හෝ 071-974 2095 යන දුරකථන අංක වෙත WhatsApp මාර්ගයෙන් යොමුකරන ලෙස දැනුම් දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT