Local

දුම්රිය ඇතුළු ප්‍රවාහනයට සම්බන්ධ ආයතන ලාභ උපයන ආයතන බවට පත් කිරීමට කමිටුවක්

Saturday, 24 August 2024 - 7:25 pm

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් වෙයි.

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානින් හා නියෝජිතයන් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ඊයේ (23) ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ.

නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බව මෙහිදී පෙන්වා දුන් ප්‍රවාහන සංගම් නියෝජිත පිරිස ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බවද සඳහන් කළහ.

රටේ කඩා වැටි තිබු ආර්ථිකය ගොඩගැනීමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කළ ප්‍රවාහන සංගම් නියෝජිතයන් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට ජිවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද පෙන්වා දුන්නේය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම්වල ප්‍රධානීන් සහ නියෝජිතයන් පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා හමු වී සහාය පළ කළහ.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ප්‍රවාහන සංගම් නියෝජිතයන් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටි අතර ක්ෂේත්‍රය තුළ ඔවුන් මුහුණ දී සිටින ගැටළු කිහිපයක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම රටේ ආර්ථිකය දියුණු කිරිමේදී ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඒකාබද්ධ අභ්‍යන්තර ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත්, එහිදී ප්‍රවාහන ක්ෂේත්‍රයට ආදළ දැනට පවතින ආයතන පද්ධතියේ පරිවර්තනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය. එම කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරණයෙන් පසු නව කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් රචනා කරන ලද “භූ දේශපාලනයේ ව්‍යාකූලත්වය හා ජීවයේ පැවැත්ම, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර ත්‍රස්ත වපසරිය – බල රංගනය” නැමති කෘතිය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT