Local

ජනපති අනුර ජනාධිපති ලේකම් කාර්යාලයේ තම ඡායාරූප එපා කිවුවා..

Wednesday, 30 October 2024 - 7:44 pm

පරිණතයැයි කියනා දේශපාලනඥයන්ට අත්දැකීම් ඇත්තේ හොරකම් කිරීම සඳහා බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක,ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නෙ රටේ ජනතාවට වඩා ඉහලින් තමන් සිටිය යුතුයැයි දේශපාලනඥයා සිතූ යුගය දැන් අවසන් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇතිවෙමින් තිබෙන බවද ඔහු පැවසුවා.

ජාතික ජනබල වේඟයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්ටවමි හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මෙසේද පැවසුවා.

අත්දැකීම් නැති නිසා මාලිමාවට ⁣ඡන්දය දෙන්න එපා කියල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියල තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහත්තය 1977ද පාර්ලිමේන්තු ඇවිල්ල, යෞවන කටයුතු ඇමති විදිහට වැඩ බාර ගන්නකොට එතුමාට අත්දැකීම් තිබුණද? මෙච්චරකල් මේ රටේ තිබුණු ඇමති මණ්ඩලවල හිටියේ අත්දැකීම් තියෙන මිනිස්සුමද? මිනිස්සුන්ට ඕන දැනුම හා අවබෝධය.අද්දැකීමි තියෙන එයාල රට පාලනය කරපු නිසා තමයි, එයාල ඇරෙන්න අනිත් මිනිස්සු දුක් විඳින්නේ.

පරිණතයි කියන දේශපාලනඥයන්ට අද්දැකීම් තියෙන්නේ හොරකම් කරන්න. ඒකට හොඳට අද්දැකීම් තියෙනවා. ලෝකයේ අනිත් රටවල් දියුණු වුණා. නමුත් අපේ රට හැමදාම එකම විදියට තමයි අපි දකින්නේ. ඒනිසා රනිල් වික්‍රමසිංහ මහත්තය කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔය කතාව කිව්වනම් හරි.

ජනාධිපතිවරණයේදී අනිත් අපේක්ෂකයන්ගෙන් අනුර සහෝදර වෙන්කර ගත්තෙ කොහොමද? අනුර සහෝදරයාගෙ සුපිරිසිදු බව, ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික බව, අනුර සහෝදරයා මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන විදිය වගේ දේවල්. අපේ රටේ ආදාහනාගාර හැදුවත් ලොකු පලකයක් හදනවා. හිටපු පාලකයන් වැඩ කළේ එහෙමයි. නමුත් ලෝකයේ දියුණු රටවල එහෙම නෑ. මොකද මේව හදන්නේ අපේ බදු මුදලින්.

නමුත් අනුර සහෝදරයා ජනාධිපතිවරණය වුණගමන්ම නියෝගයක් දුන්නා ජනාධිපති ලේකම් කාර්යාලයේ අවසරයකින් තොරව තමන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න එපා කියලයි. ලෝකයේ දියුණු මිනිස්සු හිතන්නෙ එහෙමයි. මම හරියට වැඩ කරනවානමි මගේ පිංතූරය පෙන්වන්න ඕන නෑ. ජනාධිපතිවරයාගේ ගෞරවය හැදෙන්න ඔහු වැඩ කරන විදිය අනුවයි. අනුර සහෝදරයා මහත්මයෙක් වගේ ජීවත් වෙනවා.ඔහුගේ දිව්රුම්දීමත් හරිම චාම්. ඒකට සහභාගී වුණ අපිට හම්බවුණේ වතුර බෝතලයක් විතරයි.

ඉස්සර ජනාධිපති කාර්යාලයේ දවසකට පන්සියයක් විතර කෑමට ඉන්නවා. දැන් එහෙම නෑ. මිනිස්සු වන්දනාවේ එනව එගේ අනුර සහෝදරයා බලන්න එන්නේ නෑ. දැන් ඒකට මිනිස්සු එන්නේ අවශ්‍යතාවයට විතරයි.

මේ රටේ දේශපාලකයා කියන්නේ ජනතාවට වඩා ඉතාම ඉහලින් ඉන්න ජාතියක්. නීතිය අතට අරගෙන ඔවුන් හැසිරැණා.දැන් ඒ යුගය අවසන් වෙලා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT