වතිකානුවේ සාන්ත පීතර චතුරස්රයේදී පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා සහභාගි වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධය අවසන් කරන ලෙස දැඩි ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාමය ඇතිවන්නේ අවිආයුධවලින් නොවන කී පාප් වහන්සේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස සිය පාස්කු ඉරිදා පණිවිඩයෙන් සියලු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
ලොව පුරා කතෝලික බැතිමතුන් බිලියන 1.4ක ජනතාව පාස්කු ඉරිදාව සමරමින් රටවල් රැසක දේව මෙහෙයට එක් වෙද්දී වතිකානුවේ ප්‍රධාන දේව මෙහෙයට දසදහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වූ බව ද වාර්තා වේ. කතෝලික දින දර්ශනයේ වැදගත්ම උත්සවයක් වන පාස්කු උත්සවයේ ඉරිදා දේව මෙහෙය ලොව පුරා රටවල උත්සවශ්‍රීයෙන් පැවැති බවද වාර්තා වේ.