Local

එස්.ඩී.අයිජීලා තුනකට ඩුබායිවලින් මරණ තර්ජන

Friday, 11 July 2025 - 11:01 am

පාතාල කටයුතු මර්දනයට දායක වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ඩුබායිහි සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් දුරකතන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල වන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ද පසුගිය දිනක ඩුබායිහි සිටින පාතාල නායකයෙකු විසින් දුරකතන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ජාතික පුවත්පතකට පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT