International

බංග්ලාදේශය යළිත් උණුසුම් වෙයි - ලක්ෂ 7ක් පාරට

Sunday, 11 August 2024 - 5:51 pm

බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ලක්ෂ 7කට වැඩි පිරිසක් එක්වූ එම විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර ඇතුළු කලාප රැසක මාර්ග අවහිර වී තිබුණි.

බංග්ලාදේශය තුළ ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූයේ යල්පැන ගිය රැකියා කෝටා ක්‍රමවේදයක් යළි හඳුන්වාදීමට එරට රජය ගත් උත්සාහයත් සමඟය.

විරෝධතා මර්දනයට රජය ගත් පිළිවෙත හේතුවෙන් එම විරෝධතා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බවට පරිවර්තනය වූ අතර ඒවා අවසන්වූයේ අගමැතිනී ෂෙයික් හසීනාට ඇගේ ධුරය ද අහිමි කරමිනි.

අනතුරුව ඇය රටින් පළාගිය අතර, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු භාරකාර රජයක් පත්කෙරුණේ ද ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙනි.

එම රජයේ නියෝජිතයින් අතරට වයස අවුරුදු විස්සත් තිහත් අතර පසුවන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් දෙදෙනෙක් ද අයත්ය.

රටේ පාර්ලිමේන්තුව පවා අත්පත් කරගත් විරෝධතාකරුවන් මේ වනවිටත් එරට කටයුතුවල පාලනය සියතට ගනිමින් සිටී.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් නැවත විරෝධතාවන්හි නිරත වූයේ අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් පැයක් තුළ ඉල්ලා අස්විය යුතු බවට බලකරමිනි.

එහිදී, හිටපු අගමැතිනියට පක්ෂග්‍රාහී යැයි චෝදනා ලද අගවිනිසුරු ඔබයිදුල් හසාන් වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ තවත් උපරිමාධිකරණ විනිසුරුවන් පස් දෙනෙකු සමඟින්ය.

කෙසේ නමුත් කුප්‍රකට රැකියා කෝටා ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට හසීනා රජය ගත් උත්සාහය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදී ගැටුම් මඳක් සමනය කිරීමට මැදිහත්වූයේ ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය යි.

මේ අතර බංග්ලාදේශ මහ බැංකු ප්‍රධානියා ද ඊයේ (12) ඉල්ලා අස්වූයේ බැංකු නිලධාරීන් පිරිසක් ඔහුට ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් පැවැත්වූ විරෝධතාවලින් අනතුරුවය. 

මෙවන් පසුබිමක ශිෂ්‍ය විරෝධතා මුවාවෙන් බංග්ලාදේශ සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන අවස්ථාද එරටින් වාර්තා වෙයි.

හසීනා රජය බිඳවැටුණු අගෝස්තු 5 වනදා සිට ගෙවුණු දින කිහිපය තුළ එරට දිස්ත්‍රික්ක 52කදී හින්දු ප්‍රජාව ඉලක්ක කර එල්ලකළ ප්‍රහාර ගණන 200කට අධිකය.

මෙම ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කරන්නැයි බලකරමින් සුළුතර හින්දු ප්‍රජාව ඩකා අගනුවර ඇතුළු කලාප කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වා තිබේ.

සුළු ජාතීන්ට හිංසා කරන අයගේ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10ක් වෙන්කිරීම වැනි ඉල්ලීම් මත පදනම් වූ එම විරෝධතා හේතුවෙන් ඩකා හි මාර්ග පවා අවහිර වී තිබුණි.

ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ද හිමිවූ මෙම විරෝධතාවලට ලක්ෂ 7 ඉක්මවූ පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.

මිලියන 170ක් වන බංග්ලාදේශ ජනගහනයෙන් සියයට 8ක් හින්දු ප්‍රජාව වන අතර දේශපාලන විචාරකයින්ට අනුව ඔවුන්ගේ වැඩි සහාය හිමිව තිබි ඇත්තේ ෂෙයික් හසීනා ප්‍රමුඛ අවාමි ලීගයටයි.


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT