International

මෝදිගෙන් බංග්ලාදේශයට පණිවුඩයක්

Friday, 09 August 2024 - 10:51 am

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස වගකීම් භාර ගැනීම ගැන ඉන්දියාව සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

එමෙන්ම බංග්ලාදේශය ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීම සහ හින්දු සුළුතරයේ ආරක්ෂාව සහතික කිරීම වැදගත් බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය  X ගිණුමේ සටහනක් ද තබා තිබේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ සාමය, ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා දෙපාර්ශ්වයේම පොදු අභිලාෂයන් ඉටු කිරීම සඳහා බංග්ලාදේශය සමග කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායාමත් සමග ආණ්ඩුව බිඳ වැටුණු අතර, එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන්ට සිදුවුණි. 

ඒ සමග ඇති වූ හමුදා පාලනය ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම අනුව මුහම්මද් යූනුස් ට මෙම තනතුර හිමිවිය.

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන යූනුස් බංග්ලාදේශයේ ආර්ථික විශේෂඥයෙක් සහ සමාජ ව්‍යවසායකයෙකු වන අතර, හසීනාගේ ප්‍රබල එදිරිවාදියෙකු වූ ඔහු සිරදඬුවමට පවා ලක්වී සිටි අයෙකි.

බංග්ලාදේශය තුළ නව පාලනයක් පිහිටුවන තෙක් මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජය එරට පාලනය කිරීමට නියමිතය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT