Sports

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හර්ෂිතා නිර්දේශ වෙයි

Thursday, 05 September 2024 - 8:20 pm

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන 'මාසයේ ක්‍රීඩිකාව' සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රමගේ නමද නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සිදුකළ අයර්ලන්ත තරග සංචාරයේ එක්දින මෙන්ම විස්සයි20 තරගාවලියේදී ද හර්ෂිතා දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඇයව මේ සඳහා නිර්දේශ කර ඇත.

ඇය එම එක්දින තරගාවලියේ දී ශතකයක් (105) සමගින් ලකුණු 172ක් රැස්කිරීමට සමත් වූවාය. 

එහිදී හර්ෂිතා රැස්කළ ශතකය, චමරි අතපත්තුගෙන් පසු ශ්‍රී ලංකා පිතිකාරිනියක වාර්තාකළ දෙවැනි එක්දින ශතකය ද විය.

ඊට අමතරව ඇය තරග දෙකකින් යුත් විස්සයි20 තරගාවලියේදී ද අර්ධ ශතක 02ක් (නොදැවී 86, 65) සමගින් ලකුණු 151ක් රැස්කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 98කට ක්‍රීඩාකර ඇති හර්ෂිතා, ශතකයක් හා අර්ධ ශතක 09ක් සමගින් මේ වනවිට ලකුණු 2,202ක් රැස්කර ඇත.

හර්ෂිතාට අමතරව මෙම සම්මානය සඳහ නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාම අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන  Orla Prendergast හා Gaby Lewis ය. 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT