International

යුක්‍රේන යුද්ධය උත්සන්න කරනු එපා : ට්‍රම්ප්ගෙන් පුටින්ට උපදෙස්

Wednesday, 13 November 2024 - 6:58 pm

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා (07දා) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග දුරකථනයෙන් පැවැත්වූ සංවාදයේදී යුක්‍රේනයට එරෙහි යුද්ධය උත්සන්න නොකරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී කියා තිබුණේ යුක්රේන යුද්ධය දිනක් ඇතුළත අවසන් කරන බවයි. නමුත් එය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු සඳහන් කළේ නැත. පුටින් හා නව ජනපති අතර පැවති සාකච්ඡව පිළිබඳ තොරතුරු වොෂින්ටන්පෝස්ට් පුවත්පත ඉකුත් ඉරිදා හෙළිකර තිබිණි.

පුටින් හා ට්‍රම්ප් අතර දුරකථන සංවාදය පැවැත්වීමට පෙර දිනයේ එනම් පසුගිය බදාදා ට්‍රම්ප් හා යුක්‍රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

වත්මන් ජනපති ජෝ බයිඩන් හෙට (13දා) ඕවල් කාර්යාලයට පැමිණෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ ලබන ජනවාරියේ සේවයෙන් ඉවත් වීමට සූදානම් ජෝ බයිඩන් මෙහිදී යුරෝපයේ, ආසියාවේ සහ මැද පෙරදිග සිදුවෙමින් පවතින දේ ගැන නව ජනපති ට්‍රම්ප් සමග කතා කරනු ඇති බවයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT