Sports

අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

Saturday, 31 August 2024 - 8:27 am

මෙම දිනවල පේරු රාජ්‍යයේ ලිමා අගනුවර පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාවේ අලනා රීඩ් විසින්ද එම පිරිමි ඉසව්වේ රන් පදක්කම දකුණු අප්‍රිකාවේ බයන්ඩා වලාසා විසින්ද දිනාගෙන තිබේ. පෙරේදා (28දා) පැවති මෙම ඉසව්වලදී මීටර් 100 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය තත්ත්පර 11.17කින් නිම කරමින් රන් පදක්කම ජැමෙයිකාවේ අලනා රීඩ් විසින් දිනා ගත් අතර මීටර් 100 පිරිමි ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 10.19කින් නිම කරමින් රන් පදක්කම දකුණු අප්‍රිකාවේ බයන්ඩා වලාසා විසින් ද දිනාගෙන තිබේ.

තත්ත්පර 11.27කින් කාන්තා මීටර් 100 ඉසව්ව නිම කළ බ්‍රිටිෂ් වර්ජින් දූපත්වල අඩීජා හෝජ් විසින් රිදී පදක්කමද තත්ත්පර 11.27කින් එම ඉසව්ව නිම කළ බාබඩෝස් දූපතේ කිෂව්නා නයිල්ස් ලෝකඩ පදක්කමද හිමි කරගෙන තිබේ. මේ අතර පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම තත්ත්පර 10.22කින් තරගය නිම කළ තායිලන්තයේ පුරිපොල් බුන්සන් විසින්ද ලෝකඩ පදක්කම එම ඉසව්ව තත්ත්පර 10.26කින් නිම කළ දකුණු අප්‍රිකාවේ බ්‍රෑඩ්ලි නිකොආනා විසින්ද දිනාගෙන තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT