යුක්රේන හමුදා රුසියාව ආක්‍රමණය කරමින් කිලෝමීටර 30ක් දක්වා ඉදිරියට ගොස් තිබෙනවා. 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා සිට මේ දක්වා යුක්රේනය සිදුකළ ජයග්‍රාහී පියවර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කර්ස්ක් කලාපය යුක්රේන හමුදා විසින් ආක්‍රමණය කර ඇති අතර, රුසියාව ප්‍රකාශ කළේ තම සිවිල් වැසියන් මෙම ප්‍රහාර හමුවේ ඉවත්කරගැනීමට කටයුතු කළ බවටයි.