Sports

විස්සයි20 ලෝක කුසලාන කාලසටහන එළිදකී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට

Monday, 08 January 2024 - 8:32 pm

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියදා එළිදැක්වීය.

ඉතිහාසයේ පළමු වරට රටවල් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය දින 29ක් පුරා ක්‍රියාත්මක වනු ඇත.

මේ වසරේ ජුනි මස 1 වැනිදා සත්කාරක අමෙරිකාව සහ කැනඩාව අතර තරගයෙන් ආරම්භ වන තරගාවලිය ජූනි 29 වැනිදා නිමා වීමට නියමිතය.

මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4කින් තරග වදින අතර, ජුනි 17 වැනිදා එම වටය නිමාවට පත් වෙයි. ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් අට සුපිරි අට වටයේදී කාණ්ඩ දෙකකින් තරග වැදීමට නියමිතය. එම තරග ජුනි 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එම කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට එක් වන අතර, එම තරග ජුනි 26 සහ 27 දිනවලත් අවසන් මහා තරගය 29 වැනිදාත් පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග කිහිපයක් පමණක් අමෙරිකාවේදී පැවැත්වෙන අතර, සෙසු තරග සමඟ සුපිරි 8 සහ අවසන් වටයේ තරග කොදෙව්හිදී පැවැත්වේ.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතය. දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය එම කාණ්ඩයට ඇතුළත්ව සිටී.

ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන්නේ නිව්යෝර්ක්හිදීය. අනතුරුව 7 වැනිදා බංග්ලාදේශයට එරෙහිව, 11 වැනිදා නේපාලයට එරෙහිව සහ 16 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT