International

පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

Thursday, 01 August 2024 - 7:47 am

ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව විසින් සිය නායකයා ඝාතනය කළ බව හමාස් සංවිධානය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කටාර් රාජ්‍යයේ පදිංචිව සිටින හමාස් නායකයා ඝාතනයට ලක්වී ඇත්තේ ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය ධුරයේ දිව්රුම් දීමේ උත්සවයට ටෙහෙරාන් නුවරට ගොස් සිටියදීය. ටෙහෙරාන් අගනුවර ඔවුන් නවාතැන්ගෙන සිටි ඉරාන යුද වීරයන් සඳහා වෙන් කළ නේවාසික ගොඩනැඟිල්ලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයා සමඟ ඔහුගේ ආරක්ෂක නිලධාරියකුද ද ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු ඝාතනයට ලක්වූ අයුරු පිළිබඳ නිවැරැදි තොරතුරු කිසිවක් මෙතෙක් හෙළි වී නැතැයි ද වාර්තා වේ.

හමාස් නායකයා ඝාතනය සම්බන්ධව ඉරානය දැඩි ලෙස කෝපයට පත්ව ඇතැයි ද, වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ‘ ඔබ අපේ අමුත්තා අපගේ භූමියේදීම මරා දැමුවා. ඒ ආකාරයෙන්ම ඔබටත් වන්දි ගෙවන්නට සිදු වේවි‘ ඊශ්‍රායලට චෝදනා කරමින් ඔහු එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ මරණය වෙනුවෙන් ඉරානයේ දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.හමාස් නායකයාගේ ඝාතනයේ වගකීම භාර ගන්නා බවට ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකශ කර තිබේ.

මේ අතර හමාස් නායකයාගේ මරණය පිළිබඳ ලොව රටවල් රැසක් ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද වාර්තා වේ. ඔහුගේ ඝාතනය හෙළා දකිමින් පාකිස්තාන රජය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, එය සාහසික ක්‍රියාවක් බවත්, ඊශ්‍රායලය කලාපයීය යුද්ධයකට පසුබිම නිර්මාණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. රුසියාව ද එම ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, එය පිළිගත නොහැකි දේශපාලන ඝාතනයක් බවට ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ඝාතනය මැදපෙරදිග සැලකිය යුතු ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරිමට හේතුවනු ඇතැයි රුසියාව අනතුරු අඟවා තිබේ. චීනය, තුර්කිය හා මැලේසියාව ඇතුළු රටවල් රැසක් ද හමාස් නායකයාගේ ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. හමාස් නායකයාගේ අවමංගල උත්සවය ඊයේ ටෙහ්රාන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන් පසුව ඔහුගේ සිරුර කටාර් රාජ්‍යයට රැගෙන යෑමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔහුගේ සිරුර ලබන සිකුරාදා කටාර් අගනුවරදී මිහිදන් කිරීමට නියමිත බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT