International

වසර 33කට පසු අමෙ­රි­කා­වෙන් සරම්ප ආසා­දි­තයෝ 1300ක්

Wednesday, 09 July 2025 - 10:48 am

අමෙ­රි­කාවේ සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,300කට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජෝන් හොප්කින්ස් විශ්ව­වි­ද්‍යා­ලය නිකුත් කළ දත්ත වාර්තා­ව­කට අනුව එවැනි ඉහ­ළම සරම්ප රෝගීන් සංඛ්‍යා­වක් අමෙ­රි­කා­වෙන් වාර්තා වී ඇත්තේ වසර 33කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. අමෙ­රි­කා­වෙන් සහ­මු­ලින්ම තුරන් වූ බවට මිට පෙර වාර්තා පළවූ සරම්ප රෝගය වර්ත­මා­නය වන විට අඛ­ණ්ඩව ව්‍යාප්ත වෙමින් පව­තින බව ද ජෝන් හොප්කින්ස් විශ්ව­වි­ද්‍යා­ලය නිකුත් කළ වාර්තාවේ සඳ­හන් වී තිබේ.

එම වාර්තා­වට අනුව අමෙ­රි­කාවේ ප්‍රාන්ත 38ක සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති අතර, එහි අතුරු ආබාධ හේතු­වෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. දැනට වාර්තා වී ඇති රෝගී­න්ගෙන් 92%ක්ම එන්න­ත්ක­ර­ණයට ලක් නොවූ පුද්ග­ල­යන් බවද වාර්තා වේ. සරම්ප රෝගය වැඩි වශ­යෙන් පැතිරී ඇති ටෙක්සාස් ප්‍රාන්ත­යෙන් පම­ණක් ආසා­දි­ත­යන් 700කට වැඩි ප්‍රමා­ණ­යක් හඳු­නා­ගෙන ඇති අතර, තවත් සැල­කිය යුතු සංඛ්‍යා­වක් කැන්සාස් සහ නිව්මෙක්සිකෝ ප්‍රාන්ත­ව­ලින් වාර්තා වී තිබේ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT