Entertainment

ජීවිතයේ පළවෙනි වතාවට ලැබෙන රාජකීය අවස්ථාවක්

Sunday, 14 April 2024 - 6:41 pm

III වන චාල්ස් රජු විසින් එංගලන්ත රාජකීය පවුල බොහෝ සෙයින් ආදරය කරන පෞද්ගලික ස්කොට්ලන්ත නිවස වන බැල්මොරල් මාලිගය (Balmoral Castle) මෙම ගිම්හානයේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම මාලිගාවෙහි චාරිකා ජූලි 4 සිට අගෝස්තු 11 දක්වා දිනපතා ක්‍රියාත්මක වන නමුත් රාජකීය පවුලේ රසිකයින් විසින් පැය 24ක් ඇතුළත ටිකට් සියල්ල මිලට ගෙන තිබෙනවා.

එහි එක් ප්‍රවේශපතක මුදල ඩොලර් 126ක්.

ස්කොට්ලන්තයේ Cai gorms ජාතික වනෝද්‍යානයේ ඩී ගං ඉවුරේ පිහිටා ඇති Balmoral වතුයාය ඇල්බට් කුමරු විසින් ඔහුගේ බිරිඳ වූ වික්ටෝරියා රැජින වෙනුවෙන් මිලට ගත් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

1852 සිට Balmoral මාලිගය බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ස්කොට්ලන්ත වාසස්ථානය වුණා.

මුල් දේපල රාජකීය පවුලට ඉතා කුඩා යැයි සලකනු ලැබූ නිසා යාර 100 ක් දුරින් තවත් බලකොටුවක් ඉදි කිරීමට සිදු වූ බව සඳහන්.

1856 දී මාලිගාව නිම කිරීමෙන් පසු පළමු වතාවට මෙම ගිම්හානයේදී මින් පෙර කිසිදා මහජනතාවට විවෘත නොවූ කොටස් වෙත පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

රාජකීය පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම සඳහා එක්රැස් වන සුප්‍රසිද්ධ මධ්‍යම බැල්කනිය ඇතුළත් බකිංහැම් මාලිගයේ නැගෙනහිර කොටස ද මෙම ගිම්හානයේදී පළමු වරට මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT