Local

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Thursday, 09 May 2024 - 3:58 pm

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

ඩිජිටල් උපාය මාර්ග සැලැස්ම – 2030 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එහි ප්‍රධාන කරුණු 06ක් අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු වැන්න යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, කුසලතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සම්බන්ධිත ඩිජිටල් රජයයි. (connected Digital Gove ment) ඒ වගේම සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව, පෞද්ගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ඩිජිටල්කරණය ලෙස අනෙක් කරුණු පෙන්වා දිය හැකියි. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ගෝලීය ආයෝජන ප්‍රවර්ධන සමුළුවක් ද ජූනි මස 25 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ වගේම පාසැල් සඳහා සුහුරු පන්ති කාමර 1000ක් ලබාදීමට අප කටයුතු කළා. මෙම වසර අවසානයට පෙර තවත් පාසැල් 500ක් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීමට කටයුතු කරනවා. තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට ද කටයුතු කරනවා.

එමෙන්ම වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත (10) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැහැ. ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

සියලුම සමාජ ජාලා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 60 සිට මිලියන මිලියන 74ක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. එනමුත් ජාතික සයිබර් ආරක්ෂණ පනතක අවශ්‍යතාව පවතිනවා. ඒ අනුව අදාළ පනත 2024 මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම SL CERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව සංවර්ධනය සඳහා ද රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT