Local

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

Tuesday, 17 September 2024 - 12:07 am

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලා සිටියේය.

ඒ අද (16) කොළඹ පැවති සඟ සමුළුවකදීය.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සඟ සමුළුවක් අද පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. 

එහිදී අදහද් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

'මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක මම ඕනෑම තැනක කියනවා.'

පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි,

'අනේ අපේ පුතානෝලා සර්ලා ඔබලා දෙන ඔය අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙනපැත්තකට ඔය අර අදින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම් මේ රටේ සෑබෑ දහමට, ආරක්ෂාවට, භාෂාවට යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන්පාරක් සිතත්තවා. මගේ රටේ 2009 විජයග්‍රාහී ජයග්‍රහණය අරන්දීලා අභය දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානනී ඔබගේ පිළිරූ හදලා මේ මිනිස්සු වදී මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණාකර, කොල්ලෝ අයින්වෙයන් කියලා මේක ගෙනියන්න ඉඩ දෙන්න කියන්න. මේ ඡන්ද ටික එකට එකතු කරන්න. ඔබ සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා.. කොල්ලො මේ වෙලාවේ අයින් වෙයන් කියන්නේ. නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව ආවාහම එදාටත් රාහුල හමුදුරුවෝ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ.'

 
 


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT