Sports

2025 ශූරයන්ගේ කුසලානය දෙමුහුන් ක්‍රමයට

Tuesday, 03 December 2024 - 7:39 am

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළකර ඇති බවට වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත ඉන්දීය කණ්ඩායම 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම කර ඇති අතර, එළඹෙන ශූරයන්ගේ කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම සහභාගිවන තරග සියල්ල වෙනත් මධ්‍යස්ථ රටක පැවැත්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් එම තීරණයට එරෙහිව දැඩි මතයක සිට කටයුතු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙවැනි තත්ත්වයක ඉන්දීය කණ්ඩායම විසින් සිදුකළ ඉල්ලීමට පාකිස්ථානය එකඟ නොවුනහොත් තරගාවලිය පාකිස්තානයේ නොපවත්වන බවට අයි.සී.සී. ය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශයත් සමග ඒ වෙනුවට තමන්ට ගෙවන සත්කාරක මුදල් වැඩි කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇති අතර, ඊට අමතරව 2031 වසර වනතුරු ඉන්දියාවේ පැවැත්වෙන ඕනෑම අයි.සී.සී. තරගාවලියකට පාකිස්තානයට දෙමුහුන් ක්‍රමය ඔස්සේ සහභාගි වන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.

දෙපාර්ශ්වයම අදාළ කොන්දේසිවලට එකඟවීමත් සමග ශූරයන්ගේ කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධ ගැටලුව විසඳී ඇති අතර ඒ, අනුව එළඹෙන 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහභාගි වන තරග හැර සෙසු තරග පාකිස්තානයේ දී පවත්වන්නට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග පැවැත්වෙන මධ්‍යස්ථ රට සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර බොහෝ දුරට එම මධ්‍යස්ථ රට එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ශ්‍රී ලංකාව වනු ඇති බවට වාර්තා වේ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT