Local

සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේ

Tuesday, 01 October 2024 - 9:24 pm

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය.

කෙසේ වෙතත් ඊ - විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සහ ඊ - විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට මුල්වූ එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබු රිට් පෙත්සම අද (01) යළි කැඳවීය.

එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,080ක්  පමණක් බවය.

එය ප්‍රමාණවත් වන්නේ වැඩ කරන දින 13 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුනි.

එම ප්‍රමාණය අවසන් වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවන බව සඳහන් කළේය.

එබැවින් මෙම කරුණු සලකාබලා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වනපරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

පෙත්සම් නොවැම්බර් මස 06 වනදා යළි සලකා බැලීමට නියමිතය.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT