Local

කළුතර ටෂි ඝාතනය- හමුදාවෙන් ඉවත් වූ වෙඩික්කරු අත්අඩංගුවට

Tuesday, 18 June 2024 - 4:54 pm

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කොට්ටාව ප්‍රදීප් කුමාර, කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

කළුතර, කටුකුරුන්ද, දුම්රියපොළ පාරේ දී ටස්මින් මදුවන්ත සිල්වා හෙවත් ටෂි නමැති පුද්ගලයාට පසුගිය 20දා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ඒ සිද්ධියට මාසයක් සම්පූර්ණ වීමට දින කීපයක් තිබියදී පෙරේදා (16) රාත්‍රියේ තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ගමන් කරමින් සිටියදී ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු සමඟ ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 15ක් ද සොයාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, මානියංගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකි.

කළුතර ටෂි ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණෙන බවට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ, පොලිස්පතිවරයා විසින් පත්කළ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලීමේ ඒකක 11 පො.කො. (86593) පසිදු නිලධාරියාට ලද තොරතුරකට අනුව පො. ප. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගොඩගම හන්දියේ රැකවල්ලා සිට මේ අත්අඩංගුවට ගැනීම කර තිබේ. මේ සැකකරු යතුරුපැදියකින් පැමිණ ඇති අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමඟ පැදිකරු පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවිය කළුතර, පලාතොට ප්‍රදේශයේ සුසාන භූමියක බෑගයක දමා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ. පසුගිය මැයි 8දා අහුන්ගල්ලේ බබී නමැත්තාගේ පියා ඝාතනය කළ බවට සැක කරන කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා ඝාතනය කිරීම සඳහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතුරුගිරියේ ලැටා විසින් 16දා මොහුට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම ඝාතනයට මොවුන් ඉඳුරුව බලා ගමන් කරමින් සිට ඇති බවත් වැඩිදුරටත් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. දකුණේ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර සිදුවන ප්‍රශ්නයක් මුල් කරගෙන මේ ඝාතන රැල්ල ඇති වී තිබෙන බව අනාවරණය වී තිබේ. පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව මත 16 දා රාත්‍රියේ සිදුවීමට ගිය එම මිනිස් ඝාතනය වළක්වා ගැනීමට හැකි වී තිබීම පැසසිය යුතුය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති පො.ප. සුමිත් ජයසිංහ, පො.ප. වීරසිංහ, පො.සැ. (40248) ප්‍රසන්න, (40793) තෙන්නකෝන්, (69598) අනිල්, (72338) ලලන්ත, (වි.කා.බ.) (32053) කොඩිකාර, පො.කො. (26883) එරන්ද, (31612) ආරියරත්න, (86593) පසිදු, (94891) චතුරංග, ( වි.කා.බ.) ( 23190) තිසේරා, පො.සැ.රි. (26937) රණසිංහ නිලධාරීහු මේ වැටලීම සිදුකළහ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT