Local

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

Monday, 07 October 2024 - 9:45 am

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් ජංගම දුර­ක­තන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මේ වන විට මහ­ජ­න­තා­ව­ගෙන් අද­හස් ලබා ගනි­මින් සිටින බවත්, ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුර­ක­තන සේවා ලබා ගන්නා පාරි­භෝ­ගි­ක­යින් වෙත එම සේවාව ලබා දීමට කට­යුතු යෙදෙනු ඇති බවත් එම කොමි­ෂන් සභාව පව­සයි.

මෙම එන්.පී. සේවාව ඉක්ම­නින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර එය ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රය පිළි­බඳ වන සැලැ­ස්මක්ද මේ වන විට සකස් කර ඇති බව මේ පිළි­බඳ අද­හස් දැක්වූ එම කොමි­ෂන් සභාවේ ප්‍රකා­ශ­ක­යකු ඊයේ (06) පැව­සු­වේය.

ඒ අනුව එම සේවාව හඳුන්වා දුන් පසු තමන් කැමති දුර­ක­තන ජාලය ඕනෑම දුර­ක­තන සේවා සප­යන ආය­ත­න­යක් හරහා ලබා ගැනී­මට හැකි වන බව ද එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ඒ අනුව තමන් භාවිත කරන දුර­ක­තන අංකය කිසිදු වෙන­ස්වී­ම­කින් තොරව ඕනෑම දුර­ක­තන ජාල­යක් හරහා අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන යාමේ පහ­සු­කම මෙම­ඟින් හිමි වන බව ද පැහැ­දිලි කළේය.

මෙම සේවාව ඉක්ම­නින්ම මෙරට දුර­ක­තන පාරි­භෝ­ගි­ක­යින් වෙත හඳු­න්වා­දීමේ අර­මු­ණින් 2021 වසරේ දී මහ­ජන උප­දේ­ශන පත්‍රි­කා­වක් ප්‍රකා­ශ­යට පත් කළ බවත් මෙම සේවාව සම්බ­න්ධව අදාළ සිය­ලුම පාර්ශ්ව­ක­රු­වන්ගේ අද­හස් ලබා ගත් බවත් පැවසූ එම ප්‍රකා­ශ­කයා ඉන් අන­තු­රුව සිය­ලුම දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර සුදුසු තාක්ෂ­ණික ආකෘ­තිය තීර­ණය කළ බවත් සඳ­හන් කළේය. ඉන් අන­තු­රුව සේවාවේ ක්‍රියා­කා­රි­ත්වය සහ පරි­පා­ල­නය සඳහා සිය­ලුම ස්ථාවර සහ ජංගම ක්‍රියා­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් Lanka Number Portability Services Guarantee Limited (LNPS) නමින් සමා­ග­මක් පිහි­ටු­වී­මට කට­යුතු කළ බව ද ඒ සමඟ විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය බල­ප­ත්‍රය ඉහත සමා­ගම වෙත ලබා දුන් බව ද ප්‍රකාශ කළේය. මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන ස්ථාවර හා ජංගම දුර­ක­තන සමා­ගම් සමඟ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා සැකසූ රීති සහ මාර්ගෝ­ප­දේශ සඳහා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විසින් අවශ්‍ය අනු­මැ­තීන් ලබා දී ඇති බවත් Lanka Number Portability Services Guarantee Limited (LNPS) විසින් ඊට අදාළ තාක්ෂ­ණික පද්ධ­තිය සැප­යීම සඳහා සුදුසු ආය­ත­න­යක් තෝරා ගැනීම සඳහා වූ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කර, තාක්ෂ­ණික ඇග­යීම් අව­සන් කර ඇති බව ද කීවේය. ලබන වසරේ ජන­වාරි මස වන විට සිය­ලුම මූල්‍ය ඇග­යීම් අව­සන් කිරී­මට හැකි වනු ඇති බව­ටද විශ්වා­සය පළ කළේය. සම්පූර්ණ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය අව­සන් වූ පසු ආරම්භ කළ LNPS නව සමා­ගම විසින් සුදුසු උප­ක­රණ සැප­යු­ම්ක­රු­වකු තෝරා පද්ධ­තිය ස්ථාප­නය කිරීම සම්පූර්ණ කරනු ඇති බවත් ඉන් පසුව මෙරට දුර­ක­තන ජාලා වෙත NP සේවාව සැප­යීම ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT