Local

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Friday, 22 November 2024 - 7:41 pm

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යයයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන බවට කිසිදු පූර්ව දැනුම්දීමක් රනිල් වික්‍රමසිංහ මහතාට කර නොතිබිණි. එසේම මහ මැතිවරණයෙන් ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරවලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂයෙකුට දීමට එකගතාවයට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශද පදනම් විරහිතය.

මහ මැතිවරණයෙන් පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් නොවැම්බර් මස 16 වැනි දින පැවැත්විණි.

ඉහත සාකච්ඡාවේදී තීරණය කෙරුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරවීම සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන අගහරුවාදා (19) දින පැවැත්වෙන සාකච්ඡාවේදී ගත හැකි වන බවය. ඒ සාකච්ඡාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන අංගසම්පූර්ණ ගිවිසුමද ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

මේ අතරවාරයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය නොවැම්බර් 18 වැනි දින VIII වැනි විධායක ජනාධිපතිතුමන් මුණ ගැසුන අවස්ථාවේදී රවී කරුණානායක මහතා පත් කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කරනු ලැබුවාය. එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නොහැකි බව ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පැමිණෙමින් රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමට ඒ අවස්ථාවේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය එකඟත්වය පල කල බවද සිහිපත් කල යුතුය.

එහෙත් අගහරුවාදා දින පක්ෂ නායකයින් රැස්වීමට ප්‍රථම (18 වැනිදා) රවී කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පියවර ගෙන තිබිණ.

මේ පසුබිම යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් උද්ගත විණි. අඟහරුවාදා පැවති රැස්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අංගසම්පූර්ණව ඉදිරිපත් නොකෙරුණු අතර එහි පිටු කිහිපයක් අඩු බව පැහැදිලිවම නිරීක්ෂණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇතිකරගෙන ඇති එකඟතාවය අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කිරීමට එම පෙරමුණට කිසිදු අවස්ථාවක් උදා වී නොතිබිණ. මේ කරුණ හමුවේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ක්‍රියාකර ඇත්තේ එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනිවය. එය විශාල වරදකි. අත්තනෝමතික ක්‍රියාවක්ද වන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය ක්‍රියාකර ඇත්තේ අවබෝධතා ගිවිසුමට පරිබාහිරව සහ ඊට හානි වන ආකාරයටය.

නොවැම්බර් මස 18 වැනි දින ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්පූර්ණ කිරීමට කිසිදු පූර්ව එකගතාවයක් ඇති කරගෙන නොතිබිණි. ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුතුව තිබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුව කැදවා තිබූ ඊට පසු දිනය. එනම් නොවැම්බර් 19 වැනිදාය. ඒ පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර තම නම මැතිවරණ කොමිසම වෙත යැවීමට රවී කරුණානායක මහතා උපදෙස් දී තිබිණ.

රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සදහා පත් කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනිය. ගිවිසුම සහමුලින්ම උල්ලංඝණය කිරීමකි. ඊට අදාලව ගන්නා පියවර එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවි කරුණානායක මහතාට විරුද්ධවද ක්‍රියාත්මක වේ. මේ වන විටත් පත් කරගෙන තිබෙන සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසුව එහි නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සදහන් කරමි.

වජිර අබේවර්ධන
සභාපති
එක්සත් ජාතික පක්ෂය


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT