Local

අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිත්වය එස්.එම්. චන්ද්‍රසේනට

Thursday, 18 April 2024 - 8:12 am

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රි එච්. නන්දසේනගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වූ එම තනතුරට හිටපු ඇමැති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන (17) පත් කෙරිණ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලයේ දී එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සම සභාපති ධුරයේ වැඩ භාරගත්තේය. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණ. මෙහිදී පැවැති උත්සව සභාව හමුවේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් කියා සිටියේ හිටපු සම සභාපති කේ.එච්. නන්දසේන මන්ත්‍රීවරයා ප්‍රමුඛව රාජකාරි කටයුතු කළා සේම චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සමඟ ද සහයෝගයෙන් කටයුතු කරමින් දිස්ත්‍රික් සංවර්ධනයට අවශ්‍ය සිය සහාය ලබාදෙන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී. මුතුකුමාරණ, ගමගේ විරසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර, ශාමිලා වික්‍රමආරච්චි, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

wedivistara

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

wedivistara

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

wedivistara

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි රිට් පෙත්සම් 20ක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කරයි

wedivistara

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

wedivistara

චාමර සම්පත් මැයි 05 දක්වා යළි රිමාන්ඩ්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

wedivistara

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති


NEWS ALERT