අඟහරු ග්‍රාහකය මතුපිට සාගරයක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් ජල ධාරිතාවක් එහි ගැඹුරු පතුලේ තැන්පත්වී ඇති බව නාසා ආයතනයේ නව පර්යේෂණයකින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ග්‍රහයාගේ කිලෝමීටර් 20ක් තරම් ගැඹුරකින් එම ජල ධාරිතාව තැන්පත් වී ඇති බවට එහි මතුපිට ඇති කුඩා ඉරි තැලීම් හා පාෂාණ සිදුරුවලින් අනුමාන කළ හැකි යැයි නාසා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායම එසේ අනුමාන කර ඇත්තේ මීට වසර කිහිපයකට පෙර අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීම සඳහා භූ කම්පන මාපකයක් සවි කළ ලැන්ඩරයක් යැවීමෙන් ලබාගත් දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ලෑන්ඩරය වසර 2018 සිට 2022 දක්වා කාලයේදී අඟහරු ග්‍රහයාගේ මතුපිට ගොඩ බස්වා අධ්‍යයන කටයුතු සිදු කර ඇතැයි ද වාර්තා වේ.
ජලය ඇතැයි අනුමාන කරන ගැඹුරු සීමාවට ප්‍රවේශ වීමට ඉදිරි අනාගතයේදී විද්‍යාඥයන් සමත් වන්නේ නම් අඟහරු මතුපිට ජීවින්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව ද පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද එය විශාල අභියෝගයක් වනු ඇතැයි ද ඔවුන් සඳහන් කර ඇත.