Local

රනිල් රකින සන්ධානයක්.. නායකයා බොරළුගොඩ දිනේෂ්..

Wednesday, 07 August 2024 - 9:32 am

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල එකතුවෙන් බිහිවන නව දේශපාලන සන්ධානය මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට තීරණය කර තිබේ. මෙම නව සන්ධානය බිහි කිරීමට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ගිය පාර්ශ්වයන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම, සමගි ජන බලවේගයෙන් කැඩී එන කණ්ඩායම, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන බව සඳහන් කර තිබේ.ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නියමිතව ඇති හෙයින් එම සියලු පක්ෂ හා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම නව සන්ධානය එළිදැක්වීම සිදුවනු ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

– නෙරංජලා වික්‍රමසිංහ
 


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT