Local

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

Sunday, 29 June 2025 - 6:09 pm

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ඊයේ (28) දිනයේදී ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇතැයි වාර්තාවේ.


Top Stories
wedivistara

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

wedivistara

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

Trending
wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ


NEWS ALERT