Local

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

Tuesday, 24 June 2025 - 10:34 am

මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා.

ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිට සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, හැකි නම් එම හෝටලයේ හිමිකරු ගෙනැවිත් තමා සමඟ පුද්ගලික තරහක් තිබුණේ ද යන්න විමසන ලෙසත්, තමා මෙම කමිටුව විශ්වාස කරන බවත්, මෙය ඉතිහාස‍යේ ලියැවෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර, තමන් ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ බවත්, එහිදී ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදීමට යෝජනා කර තිබූ බවත්, නමුත් තමාට රැකියාවල් දෙකක් කිරීමට නොහැකි බව පවසා තමන් එම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි සාක්ෂි ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

wedivistara

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

wedivistara

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

wedivistara

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ - ඉරාන විදේශ ඇමති


NEWS ALERT