කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින්, සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අය සඳහා අනාගතයේදී වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ.
එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමගින් අමෙරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය සිදුකිරීම අයැදුම්කරුවකුගේ ප්‍රධාන අරමුණ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙසට අමෙරිකානු කොන්සියුලර් නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
