Local

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Monday, 23 June 2025 - 5:20 pm

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා යතුරු පැදියකින් ගමන් කළ මවක් සහ දියණියක් අනතුරට ලක් කර තුවාල සිදු කර පලා ගොස් සැඟව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි.

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ ගුවන්තොටුපළ පොලිසියේ රාජකාරි සිදු කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

පෙරේදා (22) රාත්‍රී 7.45ට පමණ සැකකාර පොලිස් කොස්තාපල්වරයා  ධාවනය කල කාර් රථය, හිදෝගම පොලිස් වසමේ කුඩා නෙළුබෑව රෝහල ඉදිරිපිටදී යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව සැකකාර පොලිස්  කොස්තාපල්වරයා  පලා ගස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.

එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කල හිදෝගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්  වරුන් වන ප්‍රනාන්දු (23364), වර්ණසූරිය (46669) විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හිදෝගම පහල වැව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන බීමත්ව සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා ශ්වසන පරීක්ෂාවක්  සිදු කිරීමෙන් අනතුරුව, නාච්චාදූව  රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  සැකකරු බීමත්ව සිටි බව තහවුරු වූ බවද පොලිසිය සදහන් කලේය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ, මව සහ දියණිය කුඩා නෙළුබෑව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව නේවාසිකව  ප්‍රතිකාර ලබන බවද පොලිසිය  වැඩි දුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.


Top Stories
wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

wedivistara

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

wedivistara

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

wedivistara

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ - ඉරාන විදේශ ඇමති


NEWS ALERT