Entertainment

ඡන්ද ක්‍රමය මෙහෙම හදමු

Thursday, 01 August 2024 - 9:30 am

මෙරට මැතිවරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ කාලීන ඡන්ද දායකයකු මෙන්ම හිටපු බැංකුකරුවකු ලෙස මෙලෙස ඉදිරිපත් කරමි. ඒවා සකස් විය යුතු ආකාරය පිළිබඳව පහත පරිදි පියවරාත්මකව ඉදිරිපත් කරමි.

1. ජාතික මැතිවරණ කොමිසම (NEC) විසින් දැනටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නාවූ, පක්ෂ විසින් ලබාගත් ජාතික ඡන්ද ප්‍රතිශතය මත පදනම්ව, සරලව සහ නිවැරදි ලෙස ජාතික ආසන සංඛ්‍යාව ගණනය කරන්න. එමඟින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1948) අනුව ඡන්දයේ සමානාත්මතාව’ සහතිකවී, ශ්‍රී ලාංකිකත්වය, අව්‍යාජභාවය සහ සහේතුකභාවයද විනිවිද ලෙස තීව්‍ර වේ.

2. එක් එක් පක්‍ෂය විසින් හිමි කරගත් එම ජාතික ආසන සංඛ්‍යාව, තම දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිශතය මත පදනම්ව, එක් එක් දිස්ත්‍රික්කයට අනුයුක්ත කරන්න.

3. නව පරපුරේ ඉල්ලීම අනුව, පක්ෂ/කණ්ඩායම් විසින් සුදුසු අපේක්ෂකයන් කුසලතා පදනමින් තේරීම සහතික කිරීම සඳහා, NEC විසින් රටපුරා ඒකීයත්වය රැකෙන පරිදි සකස් කරන ලද පොදු සුදුසුකම් නිර්ණායක මාලාවක් හා ලකුණු ලබාදෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක්, මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදුකිරීම අනිවාර්ය කරන්න.

4. එම කුසලතා ලකුණු අනුව සකස් කළ මැතිවරණ කොට්ඨාස උප- ලැයිස්තු, තම දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් කර ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්න. දිස්ත්‍රික්ක 10ක හෝ ඊට අඩුවෙන් තරග කරන පක්ෂවලට එක් මධ්‍යම සංචිත නාම යෝජනා ලැයිස්තුවක් (ජවිපෙ විසින් කලින් සිදුකළ පරිදි) කුසලතා අනුපිළිවෙළින් NEC වෙත ඉදිරිපත් කිරීමට අවසර දෙන්න. එහිදී, සකස් කරනු ලබන සියලුම මැතිවරණ කොට්ඨාස නාම යෝජනා උප ලැයිස්තු සහ මධ්‍යම සංචිත නාම යෝජනා ලැයිස්තුවල සෑම නම් 5ක් ඇතුළත, අවම වශයෙන් එක් කාන්තාවක් සහ වයස අවුරුදු 35ට අඩු තරුණ/තරුණියන් එක් අයෙකු සිටීම අනිවාර්ය කිරීම මඟින් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය (20% බැගින්) සහතික කරන්න. ඒ සඳහා, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය තුළ, කාන්තාවන්ට සහ තාරුණ්‍යයට විශේෂ ලකුණු ලබා දිය යුතුව ඇත. (විස්තරාත්මක ක්‍රමවේදය සකස් කර ඇත).

5. ඉහත සඳහන් මූලික නාම යෝජනා ලැයිස්තු දිස්ත්‍රික් මැතිවරණ සහකාර/ නියෝජ්‍ය කොමසාරිස්තුමාගේ සටහන් ඇතිව NECට ඉදිරිපත් කළවිට, ඒවා NEC විසින් නිශ්චිත කාල රාමුවකට යටත්ව, මහජන විරෝධතා හා අනුමැතිය සඳහා භාෂා 3කින් ජාතික පුවත්පත්වල පළ කරනු ඇත.

6. ඉන් අනතුරුව, NECගේ සටහන් හා උපදෙස් අනුව පක්ෂ විසින් තම අවසාන නාම යෝජනා ලැයිස්තු සංශෝධනය කර NEC වෙත යවා, අවසන් අනුමැතියෙන් අනතුරුව ඉහත සඳහන් පුවත්පත්වල නැවත පළ කරනු ඇත.

ඉහත ක්‍රමවේදය අනුව, රට පුරා මහජන අනුමැතිය ලත්, සැබෑ ‘රට-පළමු – දේශපාලන වෘත්තිකයින්’ නම් කිරීම සහතික කළ හැක. (විස්තරාත්මක ක්‍රමවේදය සකස් කර ඇත).

7. තවද, මෙහි අනෙක් විශේෂ වාසිය වනුයේ, සංකීර්ණ මිශ්‍ර ඡන්ද (MMV) ක්‍රමය තුළ සිදුකළ නොහැකිවූ වලංගු ඡන්ද සඳහා වන ‘සමාන වටිනාකම’ ආරක්ෂා කරගනිමින් පැරණි FPP ක්‍රමය යටතේ විශාල ඡන්ද දායකයන් පිරිසකගේ අපේක්ෂාව වූ මැතිවරණ කොට්ඨාස 160ට අවම වශයෙන් මන්ත්‍රීන් 01 බැගින් පත් කිරීම සහතික කිරීමට හැකිවීමයි.

උදාහරණයක් වශයෙන්, මැතිවරණ කොට්ඨාස 15ක් ඇති කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉහත අංක 02 අනුව, පක්ෂ ‘A’ ට ආසන 11ක් ලැබී, මැතිවරණ කොට්ඨාස 9ක් ජය ගෙන ඇත්නම්, එම මැතිවරණ කොට්ඨාස උප- ලැයිස්තුවල ඉහළින්ම සිටින බහුමන්ත්‍රී කොට්ඨාස නාමිකයන් ඇතුළුව 9 දෙනෙකු පළමුව ගණනය වේ.

ඉතිරි ආසන 2ක සඳහා, පක්ෂය විසින්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති කොට්ඨාස දෙකේ නාමිකයන්, අදාළ කුසලතා ලැයිස්තුව අනුව තේරීමෙන් ආසන 11 සම්පූර්ණ වේ. ඒ හා සමානව, අනෙකුත් පක්ෂවලටද, තම කොළඹ දිස්ත්‍රික් ආසන හිමිකම් අනුව, අදාළ උප- ලැයිස්තුවල ඉහළින්ම සිටින නාමිකයින්ට ආසන හිමිවනු ඇත. මධ්‍යම සංචිත ලැයිස්තුවක් ඇති පක්ෂවලට කුසලතා අනුපිළිවෙළ පවා අනුගමනය නොකර පාර්ලිමේන්තුවට තම නාමිකයන් පත්කිරීමට ඉඩ දීමෙන් අවැඩක් සිදු නොවේ.

බර්නාඩ් ප්‍රනාන්දු


Top Stories
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

wedivistara

තලවාකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හිටපු ඇමති නලීන් ප්‍රනාන්දුට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ


NEWS ALERT