Sports

රංජන් මඩුගල්ලේ පසුකළ ඓතිහාසික කඩයිම

Wednesday, 07 August 2024 - 5:53 pm

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග තීරකවරයා ලෙසින් සැලකෙන රන්ජන් මඩුගල්ලේ මහතා සමත් විය.

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තරග තීරකවරයා ලෙසින් එක්වෙමින් ඔහු මෙම ඓතිහාසික කඩයිම පසුකර යෑමට සමත් විය.

වසර 10කට (1979 - 1988) ආසන්න කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇති මඩුගල්ලේ මහතා, 1988 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු 1993 වසරේදී ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙසින් සිය වෘත්තීය ගමන්මග ආරම්භ කළේය.

ටෙස්ට් තරග 200ක් විනිශ්චය කළ පළමු හා එකම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ලේ මහතා වන අතර, ඔහු මේ වනවිට  ටෙස්ට් තරග 216කට සිය දායකත්වය ලබා දී ඇත.

වැඩිම එක්දින තරග විනිශ්චය කළ තරග තීරක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ එංගලන්තයේ ක්‍රිස් බ්‍රෝඩ් (361), තෙවැනි ස්ථානයේ නවසීලන්තයේ ජෙෆ් ක්‍රෝ (329) හා සිව්වැනි ස්ථානයේ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත් (268) රැඳී සිටිති.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT