Local

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

Friday, 22 November 2024 - 8:47 pm

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද තොරා පත්කරගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024 නොවැම්බර් 20 වනදා මෙම තෝරා පත්කර ගැනීම සිදුකර තිබුණි.  

ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරඟ කළ ශ්‍රී ලංකාව, ඡන්ද 177ක් ලබාගැනීමට සමත් විය.

මෙම ඡන්ද සංඛ්‍යාව, කණ්ඩායම තුළ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව වූ අතර තේරී පත්වූ සාමාජිකයන් 31 දෙනා අතරින් සමස්තයක් ලෙස දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව විය.

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ආසියා පැසිෆික් සමූහයෙන් තේරී පත්වූ අනෙකුත් සාමාජික රටවල් වන්නේ මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජයයි.

ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර හයක කාලයක් මෙහි සේවය කරනු ඇත.

1966 වසරේදී පිහිටුවන ලද සහ වියානා අගනුවර මූලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ මූලික නීතිමය ආයතනය වෙයි.

වෙ‍ළෙඳාමට ඇති බාධා ඉවත් කිරීම සහ වෙ‍ළෙඳ නීති සුසංගත කිරීම මෙම කොමිසමේ විෂය පථයට ඇතුළත් ය.

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, සාමාජික රටවලට තාක්ෂණික සහායද සපයයි. 

ශ්‍රී ලංකා බේරුම්කරණ පනත සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත වැනි වෙ‍ළෙඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පිණිස වන ශ්‍රී ලංකාවේ නීති, ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි ආදර්ශ නීතිවලින් ප්‍රතිලාභ ලබා ඇත.

ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස 2004 සිට 2007 සහ 2016 සිට 2022 දක්වා සේවය කර ඇත.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT