රුසියාව සමඟ පවතින සටන්වලදී ඉදිරිපෙළ හමුදා මෙහෙයුම් සඳහා රොබෝ සුනඛයින් යොදාගැනීමට යුක්රේනය සැළසුම් කරමින් සිටිනවා. යුක්රේනයේ අනාවරණ නොකළ ප්රදේශයක පැවති ප්රදර්ශනයකදී, එළිදැක්වූ මෙම රොබෝ සුනඛයා හඳුන්වා ඇත්තේ බී.ඒ.ඩී. වන් ලෙසයි. මෙමඟින් රුසියානු හමුදා අගල් පිළිබඳ ඔත්තු බැලීම මෙන්ම බිම් බෝම්බ හඳුනාගැනීමටද හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.