Local

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

Friday, 06 December 2024 - 10:55 pm

ශ‍්‍රී ලංකා කොමියුස්ට් පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

යෝජිත රාජ්‍ය අංශයේ කප්පාදු ජාජබ මැතිවරණ පොරොන්දුවලට පටහැනියි!

ඉදිරි වසරවලදී භාණ්ඩාගාරයට වත්මන් වියදම් මට්ටම් පවත්වා ගැනීමට අපහසු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව අනතුරු අඟවා තිබේ. ආණ්ඩුව විසින්, සේවකයින් දොට්ට දැමීම මගින් රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය, දැනට සිටින මිලියන 1.3ක සේවක සංඛ්‍යාව 750,000ක් දක්වා දැඩි ලෙස අඩුකරමින් ආණ්ඩුවේ වියදම් අඩු කළ යුතු යයි ඔහු යෝජනා කරයි. පුහුණු ශ්‍රම බලකායක් වෙනුවට “ඩිජිටල්කරණය” ආදේශ කිරීමට ඔහු යෝජනා කරයි.

නමුත්, මෙය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ආණ්ඩුවද තේරී පත් වූ ජාතික ජන බලවේගයේ (ජාජබ) ප්‍රකාශිත ප්‍රතිපත්තියට පටහැනිය. අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 198 පිටුවේ නව රජය විසින් ඉටු කල යුතු කාර්යන් යටතේ මෙසේ සඳහන් වේ:

“රාජ්‍ය සේවාවෙහි කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා ජනප්‍රියව භාවිත කරන සේවක කප්පාදුව වෙනුවට, නව සමාජ-ආර්ථික ඉලක්කයන් ළඟා කරගැනීමේ අරමුණ සහිතව සේවකයින් ප්‍රතිස්ථානගත කරීම සඳහා ඔවුන්ගේ හැකියාවන් සහ සුදුසුකම් ඇතුළු අනෙකුත් තොරතුරු හඳුනාගැනීමට කඩිනම් සංගණනයක් පැවැත්වීම”.

සේවකයන් දොට්ට දැමීම හරහා පිරිවැය අඩු කිරීමට පසුගිය කාලයේ ගත් උත්සාහයන් නිසා සිදු වූයේ, මහජනතාවට සේවා සැපයීම අඩුවීම, නාස්තිය හා වියදම් වැඩි වීම සහ ඇතැම් විට වැඩ ඇණහිටීම පමණි. කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද කාර්යය ගැන සඳහන් නොකර, සේවක සංඛ්‍යාව අඩු කිරීම කාර්යක්ෂමතාව අඩු කරයි. රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා, එක් එක් දෙපාර්තමේන්තු සහ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පරිපූර්ණ, සාකල්‍ය විශ්ලේෂණයක් අනුව පමණක් පරිවර්තනයක් අවශ්‍ය වේ. බොහෝ විට කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවතින රැකියා සඳහා පුහුණු කළ යුතු, නැතහොත් වෙනස් කාර්යයන් සඳහා නැවත පුහුණු කළ යුතු වේ.

ලක්ෂ සංඛ්‍යාත සේවකයින් නෙරපා හැරීමට යෝජනා කිරීම මගින් පෙන්වන්නේ, විකල්ප සොයන බවට ජනතාවට දුන් පොරොන්දුවට ගරු නොකිරීමේ ප්‍රවණතාවයක් විය හැක. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකඟ වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) සහතික වීම මගින් ජාජබ විසින් තමන්ට ගැලවිය නොහැකි “යකා සමඟ ගිවිසුමක්” අත්සන් කර ඇත.

ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයන් මහමගට දමමින් ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමට ජාජබ රජය දරන මෙම උත්සාහයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි විරෝධය පලකර සිටී. සේවකයන් දොට්ට දැමීමකින් තොරව, රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවන බවට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීමට ජාජබ රජයට බල කිරීමට, වෘත්තීය සමිති සහ අනෙකුත් ප්‍රගතිශීලී බලවේගයන ඇතුළු ජනතාවගෙන්, සමගිව ක්‍රියා කරන ලෙස අපි ඉල්ලා සිටිමු.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT