Local

තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය: විදුලිසර වැදීමෙන් ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්වලට බරපතළ හානි වෙලා

Thursday, 18 April 2024 - 8:09 am

හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.

ඇමැතිවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. හිටපු ඇමැතිවරයාගේ බිරිය වන අමිතා නාලිංගනී අමරතුංග විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනා ගන්නා ලදි.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඇමැතිවරයා අනතුරට ලක්වූ ස්ථානය නිරීක්ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරන ලදි.

හිටපු ඇමැතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂණ රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැතිවරයාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළුතර මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින්ම සකස් කරන ලද සොහොනේදී (19) සිදු කිරීමට නියමිතය. තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩු මිල මීනි පෙට්ටියක් භාවිත කර පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට දැනුම් දී තිබිණි. ඔහුගේ අවසන් කැමැත්ත සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් තවමත් එකඟතාවකට පැමිණ නැතැයි ඔහුගේ ඥාති සහෝදරයෙක් මාධ්‍යයට පැවසීය.


Top Stories
wedivistara

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

wedivistara

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

wedivistara

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

wedivistara

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි රිට් පෙත්සම් 20ක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කරයි

wedivistara

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

wedivistara

චාමර සම්පත් මැයි 05 දක්වා යළි රිමාන්ඩ්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

wedivistara

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති


NEWS ALERT